ලංකාවේ කිහිප දෙනෙක් වෙන රටක ගිහින් සිදු කළ දේ
අද (03) ආරම්භ වූ ඉතාලියේ මිලානෝ සහ නාපොලි නගර සභා ඡන්දයට තරගවදින ශ්‍රී ලාංකිකයින් ගණන 6කි. එම අපේක්ෂකයින් අතරට කාන්තාවන් තිදෙනකු ද අයත් ය.
ශ්‍රී ලාංකිකයින් ඉතාලියට සංක්‍රමණයවීම ආරම්භවන්නේ, 70 දශකයේදීය. වැඩි වැටුප් අපේක්ෂාවෙන් විවිධ රැකියා සඳහා ඔවුන් එරටට සංක්‍රමණය විය. මේ දක්වා එරට සිටින ශ්‍රී ලාංකිකයින් ගණන ලක්ෂයකට අධිකය. ඉන් බහුතරයක් මිලානෝ සහ නාපොලි නගරවල ජීවත්වෙයි. ඉතාලියේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙම අපේක්ෂකයින් 6දෙනා තරගවදි
අනුව ශ්‍රී ලාංකිකයින් 4 දෙනකු මිලානෝ නගර සභාවටත් දෙදෙනකු නාපොලි නගර සභාවටත් තරගවදී. මිලානෝ නගර සභාවට ක්‍රිස්ටිනි ගිත්මි, ක්‍රිස්ටෝපර් දඹගේ, ධම්මිකා චන්ද්‍රසේකර සහ රෝයි අබේසේකර යන අය තරග කරනු ඇත. නා
පොලි නගර සභාව වෙනුවෙන් තරගවදින්නේ, රවීන්ද්‍ර ජෙගන් සහ අංජලී අලහකෝන් ය.
මෙම නගර සභා ඡන්දයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයින් වන්නේ, මිලානෝ සහ නාපොලි නගරවල වෙසෙන ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රය සහ හැඳුනුම්පත් හිමි ශ්‍රී ලාංකිකයින්ය