අදත් හවස එලියට යනවද...එහෙනම් වැස්ස ගැනත් දැනුවත් වෙලාම යන්න....

Report

දිවයිනේ බොහෝ පළාත්වලට අද (09) පස්වරු 1.00න පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවල මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇති විය අකි බවයි.

උදෑසන කාලයේදී උතුරු පළාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහා ඌව පලාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.