ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකියි - ජී.එල්.පීරිස්
By Parami Dissanayake
ජනාධිපතිවරණය කල්දැමීමට කිසිවෙකුටත් නොහැකි බව හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා විසින් අද (14) උදෑසන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අතරතුර දී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතනා හිමියන් සමඟ සුහද පිළිසඳරක නිරත වීමේ දී පවසා ඇත.
ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයා ලංකාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමි බැහැදක ආශිර්වාද ලබාගත් අතර මෙහිදී ද රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද පිළිසඳරක නිරත විය.
පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පීරිස් පැවසුවේ ජනාධිපතිවරණය කල්දැමීම සඳහා කිසිදු පුද්ගලයකුට ඉඩක් නොමැති බවයි.