මෙන්න රැකියා අවස්ථා - යුද්ධේ නිසා සුන්බුන් වුන ඊශ්‍රායලය යලි ගොඩනගන්න ශ්‍රමිකයන් ඕනේ

Report

යුධමය වාතාවරණය පහව යාමත් සමඟ, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා දහස් ගණනක් අලුතින් බිහිවීමට නියමිත බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

මෙමගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විශාල අවස්ථාවක් උදාවන බව ද ඔහු අවධාරණය කළේය. යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ විනාශයට පත් වූ ගොඩනැගිලි යළි සංවර්ධනය කිරීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේසන්වරුන්, වැල්ඩින්වරුන්, වඩු කාර්මිකයන්, පින්තාරුකරුවන් ඇතුළු විවිධ වෘත්තීන් සඳහා විශාල ශ්‍රම බලකායක් අවශ්‍ය වනු ඇත.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

මෙම සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බැවින්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා තමා මැදිහත් වන බව තානාපති බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වසන්ත සමරසිංහ අත්අඩංගුවට? ගම්මන්පිලගෙන් කරුණු අනාවරණයක්

වසන්ත සමරසිංහ අත්අඩංගුවට? ගම්මන්පිලගෙන් කරුණු අනාවරණයක්

ඊශ්‍රායලය දැනටමත් ශ්‍රී ලංකාවට විදේශ රැකියා අවස්ථා සපයන ප්‍රධාන රටක් වන අතර, විශේෂයෙන් සත්කාරක සහ කෘෂිකාර්මික අංශවල රැකියා අවස්ථා බහුලව පවතී. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙම නව අවස්ථාත් සමඟ ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට තවත් පුළුල් පරාසයක විකල්පයන් විවෘත වනු ඇත.