තවත් පලස්තීන සිරකරුවන් 183කට නිදහස් හිරු දැකීමට වරම්...
ගාසා සටන් විරාම ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකු සහ ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 183 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.
මෙය සටන් විරාමය ආරම්බ වීමත් සමගසිදු කරන සිව් වන සිරකරුවන් හුවමාරුවයි.
පසුගිය සතියේදී පලස්තීනය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 08 දෙනෙකු සහ ඒ වෙනුවට ඊශ්‍රායල භාරයේ සිටින පලස්තීනුවන් 110 ක් නිදහස් කර තිබුණා.
කෙසේ වෙතත් ගිවිසුම ආරම්භ වූ දා සිට මේ වන තෙක් ගාසා තීරයේ රදවාගෙන සිට නිදහස් කරනු ලැබූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 15 ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
You may like this video