ඊශ්‍රායලයෙන් හූති කැරලිකරුවන්ට ප්‍රහාර
ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවය.
ඊශ්‍රායලය විසින් එම ප්‍රහාර එල්ල කර ඇත්තේ හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත බව සඳහන්ය.
ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා වාණිජ නැව්වලට පහර දීමට කටයුතු කරන බැවින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
2023 වසරේ නොවැම්බර් මාසයේදී හූති කැරලිකරුවන් අල්ලා ගත් ගැලැක්සි ලීඩර් භාණ්ඩ නෞකාවට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් අනතුරුව X සටහනක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ, ඊශ්‍රායලයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ තවද ඉරානයට අත් වූ ඉරණමට හා සමාන ඉරණමක් යේමනයටද අත්විමට නියමිත බවයි.
