ගාසාහි පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර...
By Parami Dissanayake
ගාසා නගරයේ අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් දෙන පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගාසා තීරයේ පාසල් ගොඩනැගිලි 564 න් 477 ක් සෘජුවම ප්‍රහාරවලට ලක්වී ඇති බව ද වාර්තා වේ.
එමෙන් ම, තවත් පාසල් 14ක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්,එරට රෝහල් බලධාරීන් පවසා සිටින්නේ, ප්‍රහාරයෙන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි .