මුලු දිවයිනටම යළි සංචරණ සීමා පනවයි..ක්‍රියා කළ යුතු ආකාරය මෙන්න.
Police
Shavendra Silva
Sri Lanka
Isolating
By Aruna
අද රාත්‍රී 10 යේ සිට ලබන සිකුරාදා අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, යළි 25 වනදා අලුයම 04.00ට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වනු ඇති බවයි.
එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි.
පසුගිය මැයි මස 21 වනදා රාත්‍රී 11.00 සිට පැනවූ සංචරණ සීමාවන් අඛණ්ඩව මාසයක් පුරා ක්‍රියාත්මක වු අතර එම සංචරණ සීමා පසුගිය 21 වනදා අලුයම 04.00 ට ඉවත් කෙරුණි.
සංචරණ සීමා ලිහිල් කර ඇති කාලසීමාව තුළ බස්නාහිර පළාතේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරි සඳහා කැඳවා ගත යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
