මෙරට යළි සංචරණ සීමා වැටෙන්නෙ මෙහෙමයි..

Shavendra Silva Sri Lanka Isolating
By Aruna Jun 23, 2021 03:16 AM GMT
Aruna

Aruna

Report

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ.

එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

යළි 25 වනදා අලුයම 04.00ට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ඉවත් වනු ඇත. එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි.

පසුගිය මැයි මස 21 වනදා රාත්‍රී 11.00 සිට පැනවූ සංචරණ සීමාවන් අඛණ්ඩව මාසයක් පුරා ක්‍රියාත්මක වු අතර එම සංචරණ සීමා පසුගිය 21 වනදා අලුයම 04.00 ට ඉවත් කෙරුණි.

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලසීමාව තුළ බස්නාහිර පළාතේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරි සඳහා කැඳවා ගත යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් රාජකාරි සඳහා කැඳවිය යුත්තේ ආයතන ප්‍රධානියාට අත්‍යවශ්‍යය ප්‍රමාණයට පමණක් බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

බස්නාහිර පළාතේ පෞද්ගලික අංශයේ ආයතනද අවශ්‍ය අවම කාර්යය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යායුතු අතර හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතු බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha