වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සාධාරණද? වර්ජන ඉඟියක් අස්සේ ඇමති කියපු දේ
වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් වෛද්‍යවරු වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම්, සාකච්ඡාවකට සුදානම් බවය.
හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය.
එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආර්ථිකයට දරාගත හැකි අයුරින් වැටුප් ඉහළ දමා ඇති අතර ආර්ථිකය ඉදිරියේ දී තවදුරටත් ප්‍රකෘති වූ විට සියලු රාජ්‍ය සේවකයන්ට එහි ප්‍රතිලාභ ලබා දිය හැකි බවය.
ජනතාව අපහසුතාවයට පත් නොකර, අනවශ්‍ය වැඩවර්ජන සිදුකර රෝගීන් අපහසුතාවයට පත් නොකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කළේය.
