සෞඛ්‍ය සේවාවට විතරක් කුඩම්මාගේ සැලකිලි ඇයි? - රවී කුමුදේශ්ට නහුතෙට තඳ වෙයි
සෞඛ්‍ය වෘත්තිකයෙක් වෙලත්, සෞඛ්‍ය සේවාවේ සාපේක්ෂ අනන්‍යතාවය, රුපියල් සතවලට යටට කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා දරන උත්සාහය ගැන අපි කණගාටු වෙනවා, යයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
ඔහු එබව කියා සිටියේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. තවදුරත් රවී කුමුදේශ් මහතා මෙසේද පැවසිය.
"..මූලික වැටුප් වැඩි කරා කියලා සෞඛ්‍ය සේවකයන්ගේ විතරක් දීමනා කපන්න, ආණ්ඩුවට තියෙන විශේෂ තරහ මොකක්ද. ? පහුගිය වෘත්තීය සමිති සටන් ගැන කියලා මට බනින නලින්දට බෑ. මොකද පහුගිය සටන්වලදී නලින්ද හිටියෙත් මම හිටපු ගොඩේම තමයි. හරිනි පළවෙනි වැටුප්තල දහය අතරට ගුරුවරුන්ව ගේනකොට, නලින්ද පළවෙනි වැටුප්තල දහය අතරේ හිටපු සෞඛ්‍ය වෘත්තිකයන්ව පල්ලෙහාට ඇදලා දැම්මා. සෞඛ්‍ය වෘත්තිකයෙක් වෙලත්, සෞඛ්‍ය සේවාවේ සාපේක්ෂ අනන්‍යතාවය, රුපියල් සතවලට යටට කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා දරන උත්සාහය ගැන අපි කණගාටු වෙනවා..."
"මූලික වැටුප වැඩි කරා කියලා, මූලික වැටුපෙන් අනුපාතයක් විදියට ගන්න දීමනා කපන එක මොනම ආණ්ඩුවකින්වත් කරපු දෙයක් නෙවෙයි. විස්සෙන් එකක්ව තිබ්බ දීමනාවක් තිහෙන් එක කරන්නත්, එකසිය හැටෙන් එකක් විදියට තිබ්බ දීමනාවක් දෙසියෙන් එක කරන්නත් නලින්ද ජයතිස්ස ඇමතිවරයා හෝ ආණ්ඩුව කරපු අධ්‍යයනය මොකක්ද?"
මේ දීමනාවන් හදන්න ගොඩක් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා, ගොඩක් අරගල කරලා තමයි ඒ අයිතිවාසිකම් සෞඛ්‍ය වෘත්තිකයෝ දිනාගෙන තියෙන්නේ. රුපියල් සත වැඩි වෙනවා කියලා ඒවා ආපස්සට හරවන්න පුළුවන් කියලා සෞඛ්‍ය ඇමතිවරයෙකුට හිතෙන එක බරපතළයි.
"අපි නලින්දගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. මූලික වැටුප් වැඩි කළා කියලා, සමස්ත රාජ්‍ය සේවාවේ කිසිම කණ්ඩායමක දීමනා අඩු නොකර තියෙද්දි, සෞඛ්‍ය සේවාවට විතරක් එහෙම කළේ ඇයි? සෞඛ්‍ය සේවාවත් එක්ක මොකක් හරි අමුතු තරහක් තියෙනව ද. ? වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට ඔබ භුක්ති විඳපු ඒ අනන්‍යතාවය අනාගත සෞඛ්‍ය වෘත්තිකයන්ට නැති කරන්නේ ඇයි..?
ඒ නිසා මේ ප්‍රශ්නය රුපියල් ශතවලට ලඝුකරන්න එපා. හෙද පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාන්ට මෙතෙක් කරලා තියෙන කෙනෙහිලිකම් හොඳටම ඇති. අලුතින් දේවල් දුන්නේ නැතත්, තිබිච්ච දේවල් නැති කරන්න එපා.."
