රිෂාඩ් බදියුදීන්ට අද අධිකරණයෙන් ලැබුනු තීන්දුව මෙන්න..හිෂාලිනීට සාධාරණයක් ඉටු වෙලාද..?

By Sewvandhi Sep 17, 2021 09:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

16 හැවිරිදි මෙහෙකාර දැරියක් මිය යෑමේ සිදිදියට අදාලව රිශාඩ් බදුර්දීන ඔක්තොම්බර් 1 දක්වා යලි රිමාන්ඩ් කළ අතර ඔහුගේ බිරිද සහ ඇයගේ පියා ඇප මත මුදා හැර තිබේ.

දාසය හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව මීට පෙර රිෂාඩ් බදියුදීන් මහතාව ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර එහිදී දැරියගේ මරණය සම්බන්ධයෙන් විශාල කරුණු රැසක් හෙළි විය.

එනම් මීට පෙර කාලයක සිටම මෙම දැරිය ලිංගික අතවර වලට ලක්ව ඇති බවත් වධහිංසා වලට ලක්ව ඇති බවත් හෙළි වූ අතර මේ සඳහා රිශාඩ් බදියුදීන්ගේ බිරිඳ, මස්සිනා හා බිරිඳගේ පියා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී දැරිය සිටි කාමරයේ බිත්තියක සටහනක් CID දැඩි අවධානයට යොමු වූ අතර, එම සටහන දෙමළ භාෂාවෙන් තේරුමක් එන පරිදි ඉංග්‍රීසි අකුරු වලින් ලියා තිබුණි..නමුත් මෙහිදී මියගිය දැරියගේ ඥාති සොහොයුරෙක් ප්‍රකාශ කර තිබුණේ ඇයට ඉංග්‍රීසි භාෂාව ලිවිය නොහැකි බවයි.

එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් තවත් සැක මතු වූ නුවරඑළිය අධිකරණය යළිත් දැරියගේ දේහය ඩයගම සුසාන භූමියෙන් ගොඩ ගන්නා ලෙසත් වැඩිදුරටත් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන ලෙසත් නියෝග කළේය.

එහි දී බොහෝ කරුණු රැසක් අනාවරණය වූ අතර මීට පෙර බදියුදීන් මහතාගේ නිවසේ සිටි මෙහෙකාර තරුණියන් කිහිප දෙනෙකුටම අතවර සිදු වී ඇති බවත් අනාවරණය විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha