පානදුර වෙඩි තැබීම පසුපස ඉන්නේ කුඩු සළිඳුද ?
අද අලුයම පානදුර , හිරණ පොලිස් වසමේ බටහිර මාමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු වුණා.
එම වෙඩි තැබීම දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කුඩු සළිඳු නොහොත් සළිඳු මල්ෂික විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සාදයක් පැවති ස්ථානයකට ඇතුළු වූ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර වෙඩික්කරු පළා ගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල් ලැබූ දෙදෙනෙකු පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 35ක් සහ තුවාලකරු වයස අවුරුදු 20ක් වූ බටහිර මාලමුල්ල පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
දැනට සිදු කල විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි.
මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හිරණ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
