ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..? (PHOTOS)
ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වාර්තා ප්‍රතික්ෂේප කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙබ් අඩවියකට පවසා ඇත.
අදාළ වාර්තා පදනම් විරහිත බවත් ඉරාජ් වීරරත්න මහතා සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් තමන් ඉරාජ් වීරරත්න අවසන් වරට දුටුවේ කලකට පෙර උත්සවයකදී බවත් ඔහුගේ ඉල්ලා අස්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
ජාතික තරුණ සේවා සභාව ඉරාජ් වීරරත්න මහතා පසුගිය දා ඉල්ලා අස් වූ අතර ඒ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලිඛිතව දැනුවත් කර තිබේ.
පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවත් ඇමති නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියි.
එම ලිපිය පහතින්...
ජනප්‍රිය ගායකයකු සහ සංගීත වීඩියෝ නිෂ්පාදකයෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම සම්පූර්ණයෙන් අක්‍රිය කර තිබෙනවා.
කිවුව දේ ඇහුවේ නෑනේ – පේෂල කියයි
ඊට හේතුව මෙතෙක් පැහැදිලි නැහැ.
කෙසේ වෙතත් ඉරාජ්ගේ සමීප මිතුරෙකු වූ පේෂල මනෝජ් මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |