Express Pearl නිරීක්ෂණයට තවත් නෞකාවක් දිවයිනට
INDIA
panadura
Negombo
express pearl
marine environment
By Sewvandhi
පසුගියදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට සිදුවූ හානිය සොයා බැලීමට ඉන්දීය විශේෂ නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙනවා.
ඊයේ (25) මෙම නෞකාව දිවයිනට පැමිණ ඇති අතර, අද (26) සිට සතියක කාලයක් තුළ මීගමුව සිට පානදුර දක්වා සාගර කලාපය මතුපිට සහ අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීමට නියමිතයි.
නාවික හමුදාව සමඟ එක්ව මෙම විශ්ලේෂණ කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
