අන්තර්ජාලය ඔස්සේ කළ ජාවාරම් රැසක් එළියට - මේ ගැනත් දැනුවත් ද?.

Report

ඔන්ලයින් ජවාරම් සිදුකළ චීන ජාතිකයන් 30ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ කළ ජාවාරම් රැසක් එළියට - මේ ගැනත් දැනුවත් ද?. | Internet Trafficking

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. 

ඒ අනුව මීගමුව ප්‍රදේශයේ හෝටලයක දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස, අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක්ද වන අතර විමර්ශන නිලධාරීන් පැවසුවේ එම පිරිස BITCOIN හරහා අන්තර්ජාලය ඔස්සේ විවිධ ජාවාරම් සිදුකර ඇති බවයි.

ඒ බව සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි ව ඇත.

ගත වූ දින කිහිපය තුළ මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ විදේශ ජාතිකයින් විශාල පිරිසක් වරින්වර අත්අඩංගුවට පත්විය.

ඊයේ දිනයේ දී ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද එම ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීය.

ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගැණුණේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ජාවාරම් පිළිබඳ තොරතුරු තිබේ නම් දැනුම්දෙන ලෙස ය.