ජාත්‍යන්තර Tai Chi දිනය කොළඹදී සැමරේ
By Kanchana
ජාත්‍යන්තර තායිචි (Tai Chi) දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් ඊයේ (25) ගාලු මුවදොර පරිශ්‍රයේදී, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබෙනවා.
තායිචි (Tai Chi) යනු සිරුරේ සෞඛ්‍යය වර්ධනය කරමින් මනසට සහනය ලබාදෙන පැරණි සටන් ක්‍රමයක් වේ නිරෝගී දිවිපෙවතක් සහ මනසට සහනය උදෙසා තායිචි කලාව ලාංකීය ජනතාව අතර ප්‍රචලිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙවර වැඩසටහනේ තේමාව වුණේ “සෑම දෙයක්ම සහජීවනයෙන්” (All Things in Harmony) යන්නයි.
මෙම අවස්ථාවට අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් එක් තිබේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.



