වහාම K8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිතිය ගැන පරීක්ෂණයක්

By Shehan Mar 23, 2025 07:26 AM GMT
Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලුම K-8 වර්ගයේ ජෙට් යානා සඳහා ප්‍රමිති පරීක්ෂණයක් සිදු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පරීක්ෂණය සිදු කිරීමට හේතුව වන්නේ පසුගිය සිකුරාදා (21) K-8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරකට ලක්වීමයි.

මේ රජය පත්වුනාට පස්සේ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්!

මේ රජය පත්වුනාට පස්සේ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්!

චීනයේ නිෂ්පාදිත මෙම K-8 ජෙට් යානා පිළිබඳ විමර්ශනයට පත් කළ විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව මෙම පරීක්ෂණය සිදු කෙරෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදේශීය පරීක්ෂක කණ්ඩායම් ගෙන්වීමට ද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා පුද්ගලයන් හත්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

යෝෂිතට අපලයි! - යෝෂිතයි බිරිඳයි සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී.. (VIDEO)

යෝෂිතට අපලයි! - යෝෂිතයි බිරිඳයි සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී.. (VIDEO)

පසුගිය සිකුරාදා වාරියපොළ, ඉහළ මිනුවන්ගැටේ, වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා K-8 යානයක් කඩා වැටී තිබුණි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.