යෝෂිතට අපලයි! - යෝෂිතයි බිරිඳයි සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී.. (VIDEO)

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ කොළඹ 02, උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගිය අවස්ථාවක ගැටුමක් හටගෙන ඇත.

ඔවුන් සමඟ පුද්ගලයන් අට දෙනෙකු පැමිණ තිබුණත්, ඉන් එක් අයෙකුට එම සමාජ ශාලාවට ඇතුළු වීමට අවශ්‍ය වන අත් පළඳනාවක් නොතිබීම මෙම ගැටුමට හේතු වී තිබේ.

ආරක්ෂක නිලධාරියෙකු විසින් අත් පළඳනාව ගැන විමසීමක් කිරීමේදී බහින්බස් වීමක් සිදුවී ඇති අතර, එහිදී පැමිණි අට දෙනා එම ආරක්ෂක නිලධාරියාට පහර දී ඇත.

මීළඟට ඔබ විය හැක - තරුණයින් පරිස්සමෙන්!

මීළඟට ඔබ විය හැක - තරුණයින් පරිස්සමෙන්!

එම අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි. සිදුවීම සම්බන්ධයෙන් සමාජ ශාලාවේ හිමිකාරිනිය විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, පොලිසිය විසින් එම ස්ථානයේ පරීක්ෂණයක් ද සිදු කර ඇත.

පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටී. යෝෂිත රාජපක්ෂ මහතා මුදල් විශුද්ධිකරණයට අදාළව මේ වන විට අධිකරණයේ විභාග වන නඩුවක චෝදිතයෙකු ලෙස නම් කර ඇති අතර, ඔහු ඇප මත නිදහස්ව සිටී.

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!