මෙරට උද්ධමනය හිටිහැටියේ උඩුයටිකුරු වුණ හැටි
මෙරට උද්ධමනය තවත් අඩුවී තිබෙනවා මේ පිලිබඳ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වන්නේ 2.1%ක් ලෙස සටහන් වුයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුවයි.
එමෙන්ම ජූලි උද්ධමනය සඳහන් වූයේ 4.6%ක් ලෙසයි මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4% දක්වා අඩුවී තිබෙනවා.
එම අගය ජූලි මාසයේදී -4.6%ක් ලෙස සඳහන් වී අති අතර පසුගිය වසරේ ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් ගතවූ මාස කිහිපය තුළ සිදුවූ විය.
පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය වාර්තා වී තිබුණේ සියයට 53.2ක් ලෙසයි.