තවත් වසංගතයක් - පැතිරුනොත් ලොක්ඩවුන්

Report

විද්‍යාඥයින් වසර ගණනක් පුරා අනතුරු ඇඟවූ H5N1 යන කුරුළු උණ වර්ගය, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට ඉඩ ඇති බව තහවුරු වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන පරිදි, 2003 සිට 2025 අගෝස්තු දක්වා රටවල් 25 කින් රෝගීන් 990 දෙනෙකු ආසාදිතවී, එම කාලය තුළ මරණ 475 ක් සිදු වී ඇත. මේ වන විට එහි මරණ අනුපාතය 48% ක් ලෙස සැලකේ.

ඇමරිකාවේ පක්ෂීන් මිලියන 180 කට වඩා මෙය ආසාදනය වී ඇති අතර, ප්‍රාන්ත 18 ක කිරි ගව පට්ටි 1,000 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබේ.

එම රටේ අවම වශයෙන් පුද්ගලයන් 70 දෙනෙකු ආසාදිතවී රෝහල්ගත වීමේ සිදුවීම් කිහිපයක් සහ මරණයක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ නාග්පූර්හි ජනවාරි මාසයේදී කොටි තුන්දෙනකු සහ දිවියෙකු මෙම වෛරසයෙන් මිය ගියේය.

අශෝක විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ෆිලිප් චේරියන් සහ ගෞතම් මෙනන් විසින් BMC Public Health ජර්නලයේ නව ආකෘතිකරණයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ආකෘතිකරණය ඉන්දියාවේ තමිල්නාඩු, නාමකල් දිස්ත්‍රික්කයේ කුකුළු මස් කර්මාන්තය පිහිටි ගම්මානයක සිදු කර තිබේ. පර්යේෂණයේ ප්‍රධාන නිගමනය වන්නේ, වසංගතය පාලනය කිරීමට ඉතා කෙටි කාලයක් පමණ ඇති බවයි.

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගත් වහාම, ඔවුන්ගේ ප්‍රාථමික සම්බන්ධතා සහ පවුල් නිරෝධායනය කළහොත් වසංගතය සාර්ථකව පාලනය කළ හැකි බව සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, රෝගීන් 10 දෙනෙකු හඳුනාගත් විට, ආසාදනය පුළුල් ජනගහනයකට ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවට දැඩි සම්භාවිතාවක් පවති.

කුරුල්ලන් ඝාතනය කිරීම පමණක් වෛරසය මිනිසෙකුට ආසාදනය වීමට පෙර ඵලදායී වන අතර, තෘතියික ආසාදන සිදු වුවහොත්, සම්පූර්ණ අගුලු දැමීම් (lockdowns) ඇතුළුව දැඩි පියවර නොගත් විට වසංගතය පාලනය කළ නොහැකි බව පර්යේෂණයෙන් සඳහන් කරයි.

රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර

රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර