සහල් හිගය මග හැරෙන ලකුණු, සෑම සතියකම සහල් ටොන් ගණනින් මෙරටට...

Report

ඉන්දියානු ණය ආධාර යටතේ සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපතිවරයා පැවසුවේ, මීට අමතරව නෞකා මගින් ද සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් මෙරටට ආනයනය කර ඇති බවයි. එම සහල් සහන මිලක් යටතේ ලක් සතොස ශාඛා හා සමූපකාර අලෙවි සැල් හරහා ජනතාවට ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ ඉන්දියානු ණය ආධාර යටතේ මේ වන විට තවත් සහල් මෙට්‍රික් ටොන් 26000 ක් මෙරටට ලැබීමට නියමිත බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now