ඉන්දියාව ICC පෙරමුණට
Cricket
India
Indian Cricket Team
By Hashini
ලෝක ක්‍රිකට් ආකෘති ත්‍රිත්වයෙහිම පෙරමුණ ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් ව තිබෙනවා.
ඔවුන් 20යි 20, එක්දින හා ටෙස්ට් යන ආකෘති තුනෙහිම පෙරමුණ ගැනීමට සමත් ව ඇත.
ඉන්දියාව මෙම දස්කම දැක්වූ ලොව දෙවැනි කණ්ඩායම බවට පත්ව තිබෙනවා.
දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් 2012 වර්ෂයේ දී මීට පෙර මෙම දස්කම දක්වා තිබෙනවා.
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ (22) මොහාලිහී පැවති එක්දින තරඟයෙන් ඉන්දියාව කඩුළු 05කින් ජයගනු ලැබුවා.
ඉන් හිමි වූ ප්‍රසාද ලකුණු මත ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් වූයේ පාකිස්ථානය අභිභවායි.
