පොලිසිය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

Report

2018 දී පොළොන්නරුව–මහියංගන පාරේ කළු කැළේ ප්‍රදේශයේදී අලි ගම්වැඳීමවලට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 7 වනදා තීන්දු කළේය.

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රමුඛත්වයෙන් ලබාදුන් මෙම තීන්දුවෙන්, අරලගංවිල පොලිසියේ එවකට ස්ථානාධිපති එස්.එම්.එල්.ආර්. බණ්ඩාර මහතා විසින් පෙත්සම්කරුවන්ට රු. 30,000 බැගින් වන්දි ගෙවිය යුතු බව නියෝග කරන ලදී.

විනිසුරුවරයා පෙන්වා දුන්නේ පොලීසිය ඉල්ලා සිටීම පමණක් මත රිමාන්ඩ් නියෝග නොදිය යුතු බවත්, ඇප ලබාදීම සාමාන්‍ය ක්‍රියාවක් වන අතර, ප්‍රතික්ෂේපය විශේෂිත අවස්ථාවකට යටත් විය යුතු බවත්ය.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

තවද, මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම මූලික අයිතිවාසිකම් වලට ආරුක්ෂාවක් නොවන ආකාරයෙන් සිදු කළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ යුතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

අවසන් වශයෙන්, වල් අලි ගම්වැඳීම වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටද නියෝග ලබා දී ඇත. තීන්දුව පිළිබඳ පාර්ශවයන්ට නිල පිටපත් යැවීමටද නියෝග කර ඇත.