සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ගැන අධිකරණ ඇමති කතා කරයි

Report

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, “භාෂාව යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවය මැනිය හැකි ලිට්මස් පරීක්ෂාවකි.

පුද්ගලයෙකුට තම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වීම, එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස හැඳින්විය හැක,” යනුවෙනි.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

මෙය අමාත්‍යතුමා සඳහන් කළේ 2025 ජූලි 7 වැනිදා පැවති රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙලට එක්වෙමිනි.

රාජ්‍ය භාෂා සතිය ජූලි 1 දා ආරම්භ වූ අතර, එහි නිමාව කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය නානායක්කාර සහ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆෙර් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

අමාත්‍යතුමා පැවසුවේ, භාෂාව සරල සන්නිවේදන මෙවලමක් පමණක් නොව, පුද්ගල අනන්‍යතාවයේ හදවත සහ ගෞරවයේ රිද්මය බවත්ය.

සාමය සඳහා භාෂාව න්‍යාය පමණක් නොව පදනමක් විය යුතු බවද, තවදුරටත් සදහන් කළේය. අදාල නීතිමය පදනමක් වශයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ රාජ්‍ය භාෂා කොමිෂන් පනත තිබුණද, එම අයිතීන් ජන ජීවිතයට ගැලපෙන ලෙස ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යතුමා අවධාරණය කළේය.

රඹුටන් ඇටයක් හිරවී දරුවෙකු මියයයි

රඹුටන් ඇටයක් හිරවී දරුවෙකු මියයයි

ඔක්තෝබර් මාසයේ සිට සියලු ග්‍රාම සේවා කාර්යාල මඟින් දෙමළ සහ සිංහල භාෂාවලින්ම අයදුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.

සමාප්ති උළෙලේදී පාසල් මට්ටමින් පැවති තරඟ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීමත් සිදු විය.

මෙය අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරුන්, ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් සහ විදේශීය මහ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සහභාගීත්වයෙන් සිදු විය.