ICC ජුනි මාසයේ ක්‍රීඩකයන්ගේ නම් අතරට පැතුම්ගේ නමත්
By Hashini
ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.
ICCය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරනු ලබන්නේ එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින්.
ජුනි මාසය සඳහා පැතුම් නිස්සංකට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන Kagiso Rabada සහ ඒඩන් මාක්‍රම් නිර්දේශිත නම් අතරට ඇතුළත්ව තිබෙනවා.