රඹුටන් ඇටයක් හිරවී දරුවෙකු මියයයි

By Hashini Jul 08, 2025 02:29 AM GMT
Report

 නිවසේ තිබූ රඹුටන් ගෙඩියක් රස බලමින් සිටි පස් හැවිරිදි දරුවෙකු රඹුටන් ඇටය සිරවීමෙන් ඊයේ (07) දහවල් මියගොස් තිබුණු බව මිද්දෙණිය පොලිසිය පවසනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මිද්දෙනිය පල්ලේ ජූලම්පිටිය ප්‍රදේශයෙන්.

නිවසට ගෙන එන ලද රඹුටන් ගෙඩි කිහිපයක් රස බලමින් සිටි මෙම දරුවාට රඹුටන් ඇටයක් සිරවී ඇති බව දැනගත් නිවැසියන් දරුවා වහාම වලස් මුල්ල මූලික රෝහල කරා රැගෙන ගොස් තිබුණද ඒ වනවිටත් දරුවා මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

අගෝස්තු පළමුවැනිදා සිට මේ රටවල් වලට අලුත් බද්දක් ට්‍රම්ප්ගෙන්

අගෝස්තු පළමුවැනිදා සිට මේ රටවල් වලට අලුත් බද්දක් ට්‍රම්ප්ගෙන්

මියගොස් තිබුණේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාල පිරිමි දරුවාය.

මියගිය දරුවාගේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහල වෙත යවා ඇති බවට වාර්තා වනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දරුවාගේ වියෝව දරා ගතනොහැකිව මවද සිහසුන්ව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. 

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්