ලොව ප්‍රබල කෝලි ආයෙත් බිංදුවයි!

Cricket Indea virat kholi
By Sithumi Aug 05, 2021 03:55 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර පළමුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය එංගලන්තයේ නොටින්හැම් ක්‍රීඩාංගනයේ පැවැත්වෙමින් තිබෙන්නේ.

අද දවසේ සිදු වූ සුවිශේෂී අවස්ථාව වන්නේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි තමන් මුහුණ දුන් පළමු පන්දු පන්දුවටම ලකුණු නොලබා දැවී යාමයි.

ඇන්ඩසන්ගේ සුපිරි පන්දුව

ඒ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ.

විරාත් කෝලිගේ කඩුල්ල ලබා ගැනීමත් සමග ජේම්ස් ඇන්ඩර්සන්ට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා.

කඩුලු ත්‍රිත්වයට පාර කපා ගැනීම

ඒ විරාත් කෝලි දැවී යාමට පෙර යැවූ පන්දුවට චේතස්වර් පූජාරා දවා ගැනීම නිසා.

කෝලි මෙන්ම පූජාරත් දැවී ගියේ එකම ආකාරයකට.

ඒ ඔවුන් දෙදෙනාම ලබාදුන් උඩපන්දු කඩුලු රකින ජෝස් බට්ලර් විසින් රැක ගැනීම නිසා.

එංගලන්තය සිය මුල් ඉනිමේදී ලකුණු 183 කට දැවී ගිය අතර මේ වන විට ඉන්දියාව ක්‍රීඩා කරමින් සිටින්නේ ඔවුන්ගේ පළමු පළමු ඉනිමයි.

ReeCha