2023 අයවැයෙන් රාජ්‍ය ආදායම වැඩි කරගන්න ගහන බදු ප්‍රතිශතය මෙන්න.
2023 අයවැයෙන් සියයට 8.5 සිට සියයට 13ක් දක්වා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරනවා.
ඔහු පවසන්නේ, ඒ අනුව රාජ්‍ය ආදායමෙන් සියයට 90ක් ම බදු ආදායම ලබාගන්න බවයි.
රටේ විශේෂ අවශ්‍යතා වලට ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරයත් ඔහු මෙහිදී සඳහන් කළා.
ඒ අනුව, සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 43200ක මුදලක් සහ අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි 50400ක මුදලක් වෙන්කර තිබෙනවා.
එමෙන්ම ආරක්ෂක වියදම් සඳහා රුපියල් කෝටි 36700ක් ඇස්තමේන්තුකර ඇති අතර, සමාජ ආරක්ෂණය වෙනුවෙන් රුපියල් කෝටි 57200ක් වෙන්කර ඇත.
මේ අතර එම වසරේ රජයේ සමස්ත විදයම රුපියල් කෝටි 788500ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |