සති දෙකකට වරක් ඖෂධ මිලට කරන්න යන දේ මෙන්න.
මෙරට ඖෂධ මිල සති දෙකකට වරක් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, එම අවස්ථාවන් වලදී පවතින ඩොලරයේ අගයට සාපේක්ෂවයි.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ ඖෂධ මිල 29% කින් මීට පෙර ඉහළ දැමුණා.
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ, ඖෂධ මිල ගණන් පා කරන්නැයි විවිධ පාර්ශ්ව කරනු ලබන ඉල්ලීම් සමඟ තමන් කිසිසේත් එකඟ නොවන බවත්, මිල ගණන් සංශෝධනය කරමින් රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
එමනේම දැනට ඖෂධ වර්ගවලින් 40%ත් 60% ත් අතර ප්‍රමාණයක් ගැසට් මගින් මිල පාලනය වන බවයි, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |