රේගුවේ හිර වුණ වාහන නිසා ආනයනකරුවන් දැවෙන ප්‍රශ්නෙක
මෝටර් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට රේගුවේ රඳවාගෙන සිටින බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරයි.
මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එන්ජිමේ ධාරිතාව පිළිබඳව පැන නැගුණු ගැටලුවක් සහ තෙවන පාර්ශවීය රටවලින් විවෘත කරන ලද ණයවර ලිපි බවයි.
එසේම රඳවා ගෙන ඇති වාහන අතරින්, විද්‍යුත් මෝටර් රථ 1,000ක් පමණ එන්ජින් ධාරිතාව ප්‍රකාශයට පත් කිරීමේ ගැටලුව හේතුවෙන් රේගු භාරයේ තිබෙන බව වාර්තා වේ.
සෙසු වාහන තෙවන පාර්ශවීය ණයවර ලිපි ඔස්සේ ආනයනය කිරීම නිසා රඳවාගෙන ඇති බවත් ආනයනකරුවෝ වැඩිදුරටත් කියා ඇත.
එමෙන්ම මෙම තෙවන පාර්ශවීය ණයවර ලිපි පිළිබඳව ඇතිවූ ගැටලුවට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඔවුන් පවසයි.
කෙසේ වෙතත් මෙම මාසය අවසන් වන විට සෑම පාර්ශවයක්ම සමඟ එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, රඳවාගත් වාහනවලට පනවා ඇති ප්‍රමාද ගාස්තු පිළිබඳව සහනයක් ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ඔවුන් සඳහන් කරයි.
මේ අතර ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉකුත් මැයි මාසයේ සිට රඳවාගෙන ඇති වාහනයක් සඳහා හම්බන්තොට වරායේ ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ 15ක් පමණ වන අතර කොළඹ වරායේ ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව ඔවුන් කියා සිටියි.
ඒ අනුව ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහන නිදහස් කරගැනීමට හැකි වුවත්, අධික ප්‍රමාද ගාස්තු නිසා ඒවා විකිණීම අභියෝගයක් විය හැකි බවයි.