ලංකාවට ගෙන්වන අලුත්ම පොහොර (VIDEO)
By Sewvandhi
අද උදෑසන 10ට පැවති රැස්වීමේදී වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු තීරණයක් නොගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.
අද පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යොමුකළ ගැටලුවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සාකච්ඡාවේදී, අධික වර්ෂාව හේතුවෙන් දැඩි හානියට පත්ව ඇති එළවළු වගාවන් වෙනුවෙන් විශේෂිත පොහොරක් ආනයනය කිරීමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනාරාල්වරයාට අවසර ලබා දුන් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |