ශ්‍රී ලංකාව IMF ණය ගෙවීමේ ක්‍රමවේදය ගැන ලෝක බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්. - ‘B’ ණය ශ්‍රේණියකුත්.
ශ්‍රී ලංකාවේ නව රජය 2027-28 න් පසු IMF ඇතුළු ණය සම්පත්කරුවන්ට ණය ගෙවීම සඳහා ‘B’ ණය ශ්‍රේණියක් ලබා ගැනීමට සියලු කටයුතු කළ යුතු බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධාන ආර්ථික විශ්ලේෂක ග්‍රෙගරි ස්මිත් (Gregory Smith) ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, ලන්ඩනයේ Overseas Development Institute (ODI) ආයතනය මඟින් පැවැත්වූ webinar (18) අමතමින්.
එහිදී ඔහු පෙන්වා දුන්නේ අඩු වියදම් ණය ලබාගැනීම සඳහා එම ශ්‍රේණිය ලැබීම අවශ්‍ය බවත්, එසේ නොකළහොත් IMF ණය ගෙවීමට නැවතත් IMF මගින් නව ණය ගිවිසුමකට යාමට සිදුවන බවත්,අයහපත් ණය තත්ත්වයන් ජයගෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා සංචාරක කර්මාන්තය, කෘෂිකාර්මික අපනයන, හා ඩිජිටල් ආර්ථිකය යන ප්‍රධාන අංශ සංවර්ධනය කිරීමේ වැදගත්කම රජයට අවධාරණය කර ඇති බවත්ය.
"ඩිජිටල් ආර්ථිකය ඉදිරියේදී දැවැන්ත අංශයක් බවට පත්වන අතර IT රැකියා නිර්මාණය හා e-රජයක් මගින් රේගු හා බදු ආදායම් කළමනාකරණය කාර්යක්ෂම කිරීමට දායකවන බවයි ඔහු පවසා සිටියේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4%-4.5%කින් යළි ඉහළ දැමීමට ලෝක බැංකුව බලාපොරොත්තු වන බවත්, 2025 වසර වන විට වර්ධනය 3%ක සීමාවකට පැමිණීමේ හැකියාවක් ඇති බවත් ඔහු පවසා සිටියා.
නමුත් වර්ධනයකින් තොරව ණය බර වැඩිවන බවත්, වර්ධනයක් ඇතිවුවහොත් එය ආර්ථිකයක් මත කළමනාකරණය කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
''ශ්‍රී ලංකාවට IMF ණය ගෙවීමට ‘B’ ණය ශ්‍රේණියක් අවශ්‍යයි'' - ලෝක බැංකුව
