ඉදිරි දින කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්. - 23 වන විට පීඩන අවපාතයක්.
Sri Lanka
Weather
By Wayomi
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළදී එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
ඒ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබද අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට (21) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
එමෙන්ම, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 75ට වැඩි වැසි ඇතිවිය හැකියි.