IMF සමග ශ්‍රී ලංකා රජය කරන්න හදන දේ..

IMF Sri Lanka
By krishani Oct 30, 2022 04:07 AM GMT
krishani

krishani

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව මෙරට ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින බවත් එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.