IMF මූල්‍ය පහසුකම ගෙවන්න වසර 05ක්

Report

මෙරටට බලපෑ ආපදාවේ හානියට මුහුණදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි මූල්‍ය පහසුකම ගෙවා අවසන් කිරීමට වසර 3 ත් 5 ත් අතර කාලයක් ලබාදී ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා සිටි කඩිනම් මූල්‍ය පහසුකමට ඊයේ (19) එහි විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවයි.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක් මෙරටට හිමිවනු ඇති අතර මේ හරහා ආර්ථිකය තවදුරටත් යම් අවදානමට ලක් වුවත් දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටමට පත් වී නොමැති බවට ද ජත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

මේ අතර, මෙරට ඩිජිටල් ක්ෂේත‍‍්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප‍‍්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50 ක ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී තිබේ.

සුපිරි වාහනයක් තටාකය ඇතුළේ

සුපිරි වාහනයක් තටාකය ඇතුළේ