පිරමීඩ ජාවාරම් වලට රැවටුනා ද?. දැම්ම සල්ලි?. මාස 3ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) මහ බැංකුවට නියෝගයක් සිදුකර තිබෙනවා.
ඒ මෙරට තුළ නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරම් හේතුවෙන් බොහෝ පිරිසක් වින්දිතයන් බවට පත්ව ඇති බැවින් එම නීති විරෝධී ජාවාරම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඊට අදාළ ප්‍රගති වාර්තාවක් මාස 3 ක කාලයක් ඇතුළත වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එවැනි නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්වලට අදාළ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණ වෙත ඉදිරිපත් වෙමින් පවති.
ගමම හෙල්ලෙන්න වන්ඩියක් බස්සන්න ද ඉන්නෙ?. වාහන සිහිනය මල් එල ගැන්වෙයි.. අද සිට වෙන දෙය මෙන්න..(VIDEO)
එවැනි ක්‍රියාවන් වැළැක්වීමට හා එම ජාවාරම් සඳහා ජනතාව පෙළඹවීම වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මහ බැංකුව සතු වගකීමක් බව මහේස්ත්‍රාත්වරයා සදහන් කර තිබෙනවා.
මේ වන විට සේවයෙහි යෙදී සිටින රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයින් බොහෝ පිරිසක් මෙන්ම විශ්‍රාමිකයන් හා මෙරට තරුණ තරුණියන් බොහෝ පිරිසක් ද මෙම නීති විරෝධී ජාවාරම්වලට පෙළඹී වින්දිතයන් බවට පත්ව ඇත.
ඒ බව අදාළ නඩු කටයුතුවල දී පෙනී යන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලට අනුව එවැනි නීති විරෝධී ආකාරයෙන් ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරම් 11 ක් පමණ හඳුනාගෙන ඇත.
එසේ හඳුනාගත් එවැනි ආයතන කීපයකට එරෙහිව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැන්වීය.
අධිකරණයට පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට අධිකරණය පෙර නඩු වාරයේ දී මහ බැංකුවට කර තිබුණු නියෝගයක් අනුව එහි ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂකවරයකු වන නිරෝෂන් මායාදුන්න මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්විය.
මෙම නීති විරෝධී ජාවාරම වැළැක්වීම සඳහා මහා බැංකුව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදුන් එම නිලධාරියා කියා සිටියේ මහ බැංකු පනතේ 83 (ආ) 3 වගන්තිය යටතේ හා මහා බැංකු 83 (ඇ) 7 වගන්තිය ප්‍රකාරව මීට අදාළ නීතිය බලාත්මක කිරීම සඳහා බැංකු නිලධාරීන්ට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන බව ය.
එයට අමතරව මෙම නීතිවිරෝධී ජාවාරමට සම්බන්ධ නොවන ලෙසට ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මගින් විවිධ දැනුම්දීම් සිදු කරන බවට බැංකු නිලධාරියා කළ කරුණු දැක්වීම පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මාධ්‍ය මගින් එවැනි දැනුවත් කිරීම් සිදුකරන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කරන නමුත් එවැනි දැනුවත් කිරීම් පිළිබඳව තමන් දැක නොමැති බැවින් එම දැනුවත් කිරීම්වලට අදාළ පෝස්ටර්, දැන්වීම්, හෝ අත්පත්‍රිකා,අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.
එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මහා බැංකු ජ්‍යේෂ්ඨ නිලධාරියා අධිකරණයට දැක්වූ කරුණු පිළිබඳව අවධානය යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ලබාදෙමින් වැඩිදුරටත් කියා සිටියේ මහා බැංකුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම නීතිවිරෝධී ක්‍රියාව වැළැක්වීම හා ඒ සඳහා ජනතාව පෙළඹවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ය.
You May Like This Video👇
.