5කට අහිමි කළ නීතිවිරෝධී මත්පැන් බෝතලේ නිසා තවත් දෙදෙනෙක් රෝහලේ

Report

වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ අද (06) පෙරවරුවේ පුද්ගලයින් පස්දෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ.

තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ, මේ දෙදෙනා මීගමුව රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබන බවය.

දැනට, නීතිවිරෝධී මත්පැන් යැයි සැක කෙරෙන දියරයක් මෙම මරණවලට හේතු වූ බවට සැක පලව තිබේ. මෙම සිද්ධිය වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක සේවකයන් පස්දෙනෙක් මියගොස් ඇති  බවට වාර්තා වී ඇත.

පසුගිය දින දෙකකදී මෙම පිරිස යම් දියරයක් පානය කර ඇති බවත්, පසුව අවස්ථා කිහිපයකදී සංකූලතා මතුව ඇති බවත් සඳහන් වේ.

දෙවියනේ මත්පැන් යැයි සිතා ආගන්තුක දියරක් පනය කළ පස් දෙනෙක් මරුට

දෙවියනේ මත්පැන් යැයි සිතා ආගන්තුක දියරක් පනය කළ පස් දෙනෙක් මරුට

අද පෙරවරුවේ දෙදෙනෙක් ඇඹරුම්හලේ පිහිටි කුටියක් තුළ මියගොස් සිට අතර තවත් තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

එම ප්‍රදේශයේ පිහිටි තවත් නිවසක පුද්ගලයෙකුද අද පෙරවරුවේ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තවත් පුද්ගලයින් තිදෙනෙකු අසාධ්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කළ අතර, ඉන් දෙදෙනෙකුද පසුව මියගොස් තිබේ.

මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, නීතිවිරෝධී මත්පැන් පානය කිරීමක් මීට හේතු වන්නට ඇති බව සැක කෙරේ. මේ අතර, කාන්තාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මත්පැන් බීලා පහක් මරුට - කාන්තාවක් පොලිස් දැලේ

මත්පැන් බීලා පහක් මරුට - කාන්තාවක් පොලිස් දැලේ