නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

Report

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ අසූ හයක් වටිනා භාණ්ඩ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද (26) සිය අත් අඩංගුවට ගෙන තිබේ.

එම අත් අඩංගුවට ගෙන ඇත්තේ ඒ උත්සව සමය ඉලක්ක කරගනිමින් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

ඒවගේම සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු 58 හැවිරිදි වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

තවද අනෙක් දෙදෙනා 38 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙක් බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

රේගු නිලධාරීන් විසින් එම සැකකරුවන් විසින් මෙරටට රැගෙන එනු ලැබූ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,000ක් අඩංගු දුම්වැටි කාටූන් 220ක් , විදේශීය මත්පැන් බෝතල් 19ක් , රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන , සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොමැති ” කොලැජන් ” පැකැට් 430ක් සහ තවත් පාවහන් සහ වෙළෙද භාණ්ඩ රාශියක් ද සිය භාරයට ගෙන ඇත.

බෝම්බ බියක් නිසා මහනුවර කැළඹේ - පුද්ගලයා තර්ජනය අලුත් කරයි

බෝම්බ බියක් නිසා මහනුවර කැළඹේ - පුද්ගලයා තර්ජනය අලුත් කරයි