බර තොගයක්.? - බස් එකක් ඇතුළෙන් මතු වූ දේ දැක්කද?

Sri Lanka Navy Srilanka Bus
By Wayomi Oct 06, 2024 01:30 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව අද දින ඊයේ (05) පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව තිබුනා.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය වෙත ලද තොරතුරකට අනුව, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කරුවලගස්වැව ප්‍රදේශයේ සිදුකරන ලද මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, වව්නියාව සිට පුත්තලම දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?


එහිදී එම බස් රථයේ රැගෙන යමින් තිබූ විදේශීය දුම්වැටි දෙදහස් විස්සක තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරු වයස අවුරුදු 54 ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කරුවලගස්වැව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි. 

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.