බස් ගාස්තු සංශෝධනයක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, ඉන්ධන මිල සංශෝධනයට අනුව බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින දෙකේදී ලබාදීමට නියමිත බවය.
එම සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, කොමිසම රැස්වී මේ සම්බන්ධයෙන් නිල තීරණයක් ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
ජූලි 1 සිට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණද, ඉන්ධන මිල සංශෝධනයක් සිදුවී ඇති බැවින් එය අද (01) සිට ක්‍රියාත්මක නොවන බවද ඇය පැවසීය.