නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි - මිලියන 4කට රැකියා අහිමි විය හැකිය

Law and Order Latest Headlines Sri Lanka Banks Sinhala news gagana news
By Shehan Jul 01, 2025 03:30 AM GMT
Shehan

Shehan

Report

බැංකුවලට ඇප ලෙස පවරා ඇති දේපළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කිරීමත් සමඟ, එහි ඇතිවිය හැකි ගැටලු පිළිබඳව අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර තිරසර විසඳුම් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

පෞද්ගලික් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ බැංකු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පවත්වා මෙම ගැටලුවට විසඳුම් සෙවීමට රජය සැලසුම් කර ඇති බවයි. "පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත හා ව්‍යාපාර කඩාවැටීමේ අවදානමක් පවතින බවට ව්‍යාපාරික ප්‍රජාවෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපි සැලකිලිමත්. ඒ නිසා, තිරසර විසඳුම් ලබාදීමට අපි කැපවී කටයුතු කරනවා," යැයි ඔහු පැවසීය.

පරාටේ නීතිය මීට පෙර වත්මන් ආණ්ඩුව විසින් මාස තුනක කාලයකට අත්හිටුවා තිබූ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී එය මාස හයක කාලයකට අත්හිටුවා තිබිණි. කෙසේ වුවත්, එම නීතිය නැවත බලාත්මක කිරීම මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බරපතළ බලපෑමක් සිදුවන බව ව්‍යාපාරිකයෝ අවධාරණය කරති. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ, පරාටේ නීතිය තවත් වසරක කාලයකට අත්හිටුවන ලෙසයි.

රසායනික කම්හලක පිපිරීමක් – ජීවිත 12ක් නිමාවට

රසායනික කම්හලක පිපිරීමක් – ජීවිත 12ක් නිමාවට

"මෙම නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් බැංකුවල ණය ආපසු ගෙවීමේ හැකියාව ආරක්ෂා කිරීම අරමුණු කළත්, එය ව්‍යාපාරික ප්‍රජාවට එල්ල කරන බලපෑම අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා, බැංකු සහ ව්‍යාපාරික ප්‍රජාව යන දෙපාර්ශවයටම සාධාරණ විසඳුමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා," යැයි ආචාර්ය ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

ලෝකය මතකයකි.. වසර 5ක් ගෙදර සිරවුණු ඇෆ්ගන් තරුණිය

ලෝකය මතකයකි.. වසර 5ක් ගෙදර සිරවුණු ඇෆ්ගන් තරුණිය

පරාටේ නීතිය බැංකුවලට ණය ආපසු ගෙවීමට අපොහොසත් වූවන්ගේ ඇප ලෙස පවරා ඇති දේපළ ඉක්මනින් පවරා ගැනීමට බලය ලබාදෙන අතර, එය විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බලපෑම් කරන බවට විවේචන එල්ල වී තිබේ. රජයේ මෙම තීරණය ආර්ථික ස්ථාවරත්වය සහ ව්‍යාපාරික ආයෝජන ආරක්ෂා කිරීම අතර සමබරතාවයක් ඇති කිරීමේ අභියෝගය මතු කර ඇත.

ReeCha