පාසලේදී වැඩිපුර වතුර බිව්වොත් ආණ්ඩුවෙන් ගෙවන්නේ නෑ

Ministry of Education Water School Children schools Sinhala news
By Hashini Jul 14, 2025 03:56 AM GMT
Hashini

Hashini

Report

පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැයවන බවට සම්මත කරමින් රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ සඳහන් ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන නැත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු බවයි.

පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතුයි.

නාවින්නේ බස් රථ අනතුරක්

නාවින්නේ බස් රථ අනතුරක්

පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැයවන බවට ගණනය කර දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බවයි චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට පාසල්වලට ජල බිල්පත් ලැබීමේදී රජයේ ගාස්තුව සහ අමතර ගාස්තුව යනුවෙන් කොටස් දෙකකින් යුතුව බිල්පත නිකුත් කිරීමට නියමිත අතර අමතර ගාස්තු යටතේ ඇති මුදල පාසල් සංවර්ධන සමිතියේ අරමුදලින් ගෙවිය යුතු බවයි.

අද ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට දැනුවත් කිරීමක්

අද ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට දැනුවත් කිරීමක්

ReeCha