අද ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට දැනුවත් කිරීමක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අද (14) දින පටන් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව ප්‍රකාශ කරයි.

ඒ අනුව අඳාළ වැඩසටහන සතියක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව සඳහන්.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මේ වන විට රට අභ්‍යන්තරයේ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල වර්ධනයක් දක්නට ලැබෙන නිසා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඒ අනුව වැඩිදුර අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

"අද වනවිට පිරමීඩ යෝජනා ක්‍රමවල ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මීට හේතුවෙලා තියෙන්නේ බොහෝ දෙනෙකුගේ නොදැනුවත්භාවය. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදා මුලස්ථාන සහ මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල සහාය ඇතුව මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා පිරමීඩ යෝජනා ක්‍රම මැඩ පැවැත්වීමට දැනුවත් කිරීමේ සතියක් පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

ඒ වැඩසටහන් සමග සම්බන්ධ වෙලා පිරමීඩ යෝජනා ක්‍රමවල අනිසි ප්‍රතිඵල ගැන දැනුවත් වෙන්න. ඒ වගේම අනෙකුත් අය පිරමීඩ යෝජනා ක්‍රමවලින් වැළැක්වීමට දැනුවත් කරන්න. මේ හා සමානව අනවසර තැන්පතු භාරගන්නා ආයතන විශේෂයෙන් වගා ආයෝජන, ක්‍රිප්ටො ආයතන හා අධ්‍යාපන ව්‍යාපෘති වැනි අනවසර තැන්පතු භාරගන්නා ආයතනවල වර්ධනයක් ද මේ දිනවල දක්නට ලැබෙනවා. රටක් වශයෙන් පිරමීඩ යෝජනා ක්‍රම මෙන්ම විවිධ ආයෝජන මුවාවෙන් අනවසර තැන්පතු භාරගන්නා ජාවාරම්කරුවන්ගෙන් මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරනවා." යනුවෙන්.

එසේම මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් පවතින නීති තවදුරටත් ශක්තිමත් කළ යුතු බව දන්වා සිටියා.  

නාවින්නේ බස් රථ අනතුරක්

නාවින්නේ බස් රථ අනතුරක්