මැච් එකක් බලන්නේ මොන තරම් ආසාවෙන් ද?. ලංකාවම සංවේදී කරමින් අපේ ක්‍රිඩා ලෝලීන්ට වුණ කුඩම්මගේ සැලකිල්ල.. (VIDEO)

Cricket Sri Lanka India ICC World Cup 2023
By krishani Oct 30, 2023 12:43 AM GMT
krishani

krishani

Report

මේ වන විට පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත් වේ.

එම තරගාවලිය නැරඹීම සඳහා මෙරට ක්‍රිඩා ලෝලීන් මෙන්ම ලොව පුරා සිටින ක්‍රිඩා ලෝලීන් පැමිණ සිටින දක්නට ලැබෙයි.

එහිදී එය නැරඹීම සදහා එරටට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එරට ක්‍රීඩාංගණවල දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ මෙරට ක්‍රීඩා ලෝලීන් රැගෙන ආ ජාතික කොඩි ක්‍රීඩාංගණය තුළට රැගෙන යාමට එරට ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අසල සිටි ආරක්ෂක නිලධාරීන් අවස්ථාව ලබා දී නොතිබීමයි.

එමෙන්ම, තරගය නැරඹීමට ශ්‍රී ලංකා ජර්සිවලින් සැරසී පැමිණ සිටි මෙරට ක්‍රිඩා ලෝලීන්ට එම ජර්සිවලින් සැරසී ද ක්‍රීඩාංගණය තුළට ඇතුළු විය නොහැකි බව එම ආරක්ෂක නිලධාරීන් දන්වා තිබෙනවා.

වීඩියෝ දර්ශන - අද දෙරණ



ReeCha