බිරිදව මරා දියණියට පිහියෙන් ඇන පියා පැන ගොසින්..

By Piyumika Feb 08, 2025 04:26 AM GMT
Report

 පුද්ගලයෙකු විසින් කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

අද දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලය නුවරඑළියට සුවිශේෂයි...

අද දින සිට ඉදිරි දින කිහිපයේ උදෑසන කාලය නුවරඑළියට සුවිශේෂයි...

පුත්තලම පොලිස් වසමේ කල්අඩිය, හස්ථිපුර ප්‍රදේශයේ දී ඊයේ (07) දහවල් මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ස්වාමිපුරුෂයා විසින් මෙලෙස සිය බිරිඳට සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර, පහරකෑමෙන් මියගොස් ඇත්තේ බිරිඳ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බවයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඩුබායි සිට රැගෙන ආ රතු වරෙන්තුකරුවන් තිදෙනා පිළිබද ගත් තීරණය...

ඩුබායි සිට රැගෙන ආ රතු වරෙන්තුකරුවන් තිදෙනා පිළිබද ගත් තීරණය...

ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 50 ක් වූ කල්අඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියක්. සැකකාර ස්වාමි පුරුෂයා අපරාධය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

You may like this video