සමාජ ජාල මාධ්‍යයේ Live stream කරමින් සිටි බිරිඳව ඝාතනය කළ සැමියාට අත් වූ ඉරණම(PHOTOS)

China Live stream Bolger
By Sewvandhi Oct 16, 2021 06:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමාජ ජාල මාධ්‍යයක් ඔස්සේ සිය අනුගාමිකයින් සමඟ සජීවී විකාශයක් ( live stream) හා සම්බන්ධව සිටි තම හිටපු බිරිඳව ඝාතනය කළ පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය පැන වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල සැමියා විසින් සිය බිරිඳ සජීවී විකාශයක් ( live stream) හා සම්බන්ධව සිටින අවස්ථාවේ පෙට්‍රල් වත් කර ඇයට ගිනි තබා තිබෙනවා.

ගිනි ගැනීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශය පත් කරමිනුයි අධිකරණ විසින් වැරදිකරු වූ සැමියාට මරණීය දණ්ඩනය පනවා ඇත්තේ.

2020 වසරේ ජුනි මාසයේ දී දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් දික්කසාද වී ඇති අතර ඊට පෙර බොහෝ අවස්ථාවක සැකකාර සැමියා විසින් සිය බිරිඳට පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

කෙසේ වෙතත් දෙදෙනා දික්කසාද වීමෙන් අනතුරුව නැවතත් තමන් සමඟ විවාහ වන ලෙස අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය ද ඇය විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රතික්ෂේප කිරීම් හමුවේ කෝපයට පත්ව සිටි සැමියා මෙම අපරාධය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවයි පරීක්ෂණ පැවැත් වූ එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක  Subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery