සුළි කුණාටුවෙන් ඉතාලියට දැඩි පීඩා.
Italy
Death
Weather
World
By Hashini
ඉතාලියට බලපා ඇති Ciaran සුළිකුණාටුව හේතුවෙන් ටස්කනි ප්‍රදේශයේ දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
එයින් පුද්ගලයෙන් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ තද සුළං සහ වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.
ගංවතුර හේතුවෙන් මෝටර් රථ ගමනාගමනය දුෂ්කර වී ඇති අතර බස් සහ දුම්රිය සේවාවන්ටද බලපෑම් ඇති විය හැකි බව වාර්තා වනවා.
ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල විශාල රළ අනතුරුදායක තත්ත්වයන්ද ඇති කළ හැකි බව සඳහන්.
