මේ රාජ්‍ය නිලධාරීන් දින දෙකක් අසනීප නිවාඩු - දීමනා මුල්කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්මේ බව ප්‍රකාශ කළේය.
මින් පෙර සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. ඒ. බී. ඒ. විජේරත්න මහතා පැවසුවේ අසාධාරණයන්ට විසඳුමක් සෙවීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් සමඟ මෙම අරගලය සිදු කරන බවයි.
දේශපාලන නිලධාරීන්ට සහ පරිපාලන නායකයින්ට තම ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කළද, මේ දක්වා කිසිදු විසඳුමක් ලබා දී නොමැති බැවින් මෙම තීරණයට ඒකමතිකව එළඹුණු බව මහලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය.