බස්නාහිරින් අඩකටත් වඩා ඩෙංගු රෝගීන් - ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප බවට

Report

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90,000ට සීමාවට ළංව ඇති අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය අද (09) නිකුත් කළ නවතම දත්තවලට එම සංඛ්‍යාව 89,395ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (8) දිනට අදාළ තොරතුරු ඇසුරින් දැකසූ දත්ත වාර්තාවට අනුව මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාවද 65ක් වී තිබේ ගතවූ මාස 6ක කාලය තුළ වාර්තාවූ සමස්ත රෝගීන්ගෙන් අඩකටත් වඩා වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 47,310ක් වී ඇත.

එහි ප්‍රතිශතය 52.92%ක් ලෙස දැක්වේ.

ඒවගේම දිස්ත්‍රික් මට්ටමින් තවමත් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, ඊයේ දිනට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 19,000 (19007) සීමාව පසුකර ඇත කොළඹ දිස්ත්‍රික්කයෙන්ද වාර්තාවන රෝගීන් ගණන 17,725ක් දක්වා ඉහළගොස් ඇති අතර, තෙවැනියට වැඩිම පිරිසක් වාර්තාවන මහනුවර දිස්ත්‍රික්කයේද රෝගීන් 6,341ක් වාර්තා වී තිබේ.

   මෙම වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවූයේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාවක් 29,973කි. කෙසේ නමුත් අගෝස්තු මාසයේ පළමු දින 8 තුළ පමණක් රෝගීන් 40,48ක් වාර්තා වී තිබේ .